
ඉන්දියාවට සියයට 50 ක තීරු බදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ පැසැසුමට හේතුවක් වී ඇත.
රුසියාව, යුක්රේනයට එරෙහිව ගෙන ඇති හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා ඇත. එම සම්බාධක පැනවීම කළේ රුසියාවේ තෙල් ගනුදෙනු අඩපණ කිරීමය. එසේ වුවත්, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරන අතර ඇමෙරිකන් සම්බාධක හේතුවෙන් රුසියාවට කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැත.
ඉන්දියාව මෙසේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් වූ අතර, ට්‍රම්ප් සියයට 50 ක තීරුබදු පැනවීමට කටයුතු කළේ ඒ අනුවය. තවත් යුරෝපා රටවල් කීපයක් ද රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරන බැවින්, එම රටවලට ද තීරු බදු පැනවීමට ට්‍රම්ප් අවධානය යොමු කර ඇත.
‘රුසියාවට සහාය දක්වන රටවලට සම්බාධක පැනවීම සුදුසු යැයි මා විශ්වාස කරනවා. ඇමෙරිකන් ජනාධිපතිවරයා එසේ සම්බාධක පැනවීම ගැන මම සතුට පළ කරනවා’ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd