ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලකට, ‘කොරෝනා දේවි’ යනුවෙන් නම් කළ අලුත් දේවතාවියක 'වැඩ සිටින' බවත්, ඇය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම පවා ආරම්භ වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.
මෙම කොරෝනා දේවතාවිය, 'වැඩ සිටින්නේ' ඇත්තේ තමිල්නාඩුවේ කොයිම්බටෝර් නුවර, කමට්චිපූරි අධිනාම් හින්දු කෝවිලේ යැයි රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
තවමත් ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වන අතර, ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන බව වාර්තා වේ.
ඒ අතර තමිල්නාඩු ප්‍රාන්තය ද ඇති අතර, ප්‍රාන්ත රජය සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපඳිමින් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබේ.
කෝවිලේ පූජකයන්, ‘කොරෝනා දේවි’ නමින් නම් කළ නව දේවතාවියගේ පිළිම දෙකක් කොයිම්බටෝර් හින්දු කෝවිලේ ඇත.
සංචරණ තහංචිවලට පිටුපාමින්, තමන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් සහ කන්නලව් කරමින්, කොයිම්බටෝර් වැසියන් ‘කොරෝනා දේවි’ ඉදිරියට පැමිණෙන බවත්, පූජා වට්ටි සඳහාත්, පඩුරු වශයෙනුත් මුදල් කෝවිලේ පූජකයන්ට මුදල් ලබා දෙන බවත් වාර්තා වේ.
කමට්චිපූරි අධිනාම් කෝවිලට පෙළ ගැසෙන ජනතාවගේ විශ්වාසය, කොරෝනා වසංගතය පාලනය කිරීමට ‘කොරෝනා දේවි’ කටයුතු කරනු ඇති බවය.
චෙන්නායිහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා දෙවියා ඉන්දියාවට වැඩමවීම සත්‍යයක්...!!! ඒකනේ ඉන්දියාව කොරෝනාවෙන් පිරිලා ඉතිරිලා තියෙන්නේ...
ඇයි අපේ උම්මාදේවී... !!!
මම ගිහින් නැතත් අහලා තියෙනවා... මහත්මා ගාන්ධි පුරුදුකළ මාර්ගවල මළපහ කිරීම දැනටත් ඉන්දියාවේ තදින්ම පවතිනවා කියලා. මෙයින් වෙන්නේ පරිසරය දැඩි සේ අපවිත්‍ර වීමයි. පරිසරය අපවිත්‍ර වනවිට විවිධ ලෙඩ රෝග බෝ වෙනවා. යම්දිනක ඔවුන් කරන මාර්ග අවට අපවිත්‍ර කිරීම නවතා වැසිකිළි පාවිච්චියට ගත්තත් රෝග බෝවීම වළක්වා ගතහැකි වේවි...!!!
ආ... මේ කාලේ සල්ලි ටිකක් ගරාගන්න කියපු අදහස... මමත් පටන් ගන්නවා ‘‘කොරෝනා දෙවි සුව සේවාවක්...‘‘ කට්ටියම පෝල්ම්වල ඉන්න හොඳේ.. පැණි වගේ නෙමේ අද්දුටුයි.. ප්‍රත්‍යක්ෂයයි... බුලත් 21යි.. පඬුරු රුපියල් 5000යි.