
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් නගරයේ පිහිටි කමලා නේරු ළමා රෝහලේ ඇති වූ හදිසි ගින්නකින් අලුත ඉපදුන කුඩා බිළිඳුන් 04 දෙනෙකු මියයෑමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තාවේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් රෝහලේ අලුත උපන් විශේෂිත දරුවන් සදහා වන ඒකකය තුළ මෙම ගින්න හටගෙන ඇති බව ඉන්දීය බලධාරීන් කියා සිටී. ගිනි නිවීමේ අංශයේ මැදිහත්වීම මත රෝහලේ සිටි බිළඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.
මියගිය බිළිඳුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි ලබාදීමට මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන ඇමති ෂිව්රාජ් සිං චව්හාන් තීරණය කර ඇති අතර මෙම සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසද ප්‍රධාන ඇමතිවරයා නියෝග කර තිබේ.
නිසි ප්‍රමිතියට ඉදිකිරීම් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි ගිනි ගැනීම් ඉන්දියානු රෝහල්වලින් බහුලව වාර්තා වන අතර පසුගිය ඉරිදා මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක්ද ගිනිගැනීමට ලක් වූ අතර පුද්ගලයන් 11 දෙනෙකු ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්විණි.
(අල් ජසීරා / එන්.ඩී.ටී.වී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd