ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අත්හැර දමනු ලැබූ පටු ළිඳකට වැටුණු දෙහැවිරිදි පිරිමි දරුවකු බේරාගැනීම සඳහා මේවනවිට දැවැන්ත ජීවිතාරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මෙම ළිඳේ අඩි 68ක් පමණ ගැඹුරේ සුජිත් විල්සන් නැමැති මෙම දරුවා සිරවී සිටින බව බලධාරීහු පවසති.
ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය ඇතුළු මුදවාගැනීමේ කණ්ඩායම් එම ළිඳට සමාන්තරව තවත් ළිඳක් හාරා දරුවා බේරා ගැනීමට අසීරු උත්සාහයක යෙදෙමින් සිටිති.
දරුවා ළිඳට වැටී මේවනවිට දින දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති අතර අමතර ළිඳ කැණීම සඳහා අති නවීන යන්ත්‍රෝපකරණ එම ස්ථානයට ගෙනවිත් ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද දරුවා නිරුප්‍රදිතව සිටින්නේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
(එන්ඩීටීවී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුණුරුවන් සරණින් දරුවා රැකදේවා.!
තුණුරුවන් සරණින්, සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන්, මේ පොඩි දරුවාව කරදරයක් නොවී බේරාගැනීමට හැකිවේවා...!
අනේ සියලු දෙවියනේ මේ දරුවාව ආරක්ෂා කර දෙන්න...
දෙවියෝ බේරයිද කියන එක උන්නැහේලාගෙන්ම අහන්න වෙනවා. ඒත් මේ මෙහෙයුම කරන අය මේක කරයි කියලා යම් විශ්වාසයක් තියෙනවා...