IMG-LOGO

ඉන්දියාවේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ විරෝධතා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්‍රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ.
 
මියගිය කාන්තාවගේ දේහය ආදාහනය කිරීමෙන් පසු විරෝධතා ආරම්භ විය.
 
විරෝධතා අතරතුර කලහකාරීව හැසිරුණු 25 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇත. 
 
දිස්ත්‍රික්කයේ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර පස්දෙනකුට වඩා රැස්වීම තහනම් කරමින් නියෝගයක් ද පනවා ඇත.
 
අවුරුදු 19ක් වයසැති මෙම තරුණිය පහරදීමට ද ලක්ව ඇති අතර සිරුරේ ඇතිවූ තුවාල හේතුවෙන් අඟහරුවාදා (29) මියගියේය.
 
අපරාධය සම්බන්දයෙන් පොලිසිය සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. මියගිය තරුණිය ඉන්දියාවේ පහත් කුලයකට අයත්යැයි සැලකෙන දලිත් ප්‍රජාවට අයත් වන අතර අත්අඩංගුවට පත් සිව්දෙනා ඉහල කුලයකට අයත් අය බව සඳහන් වේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරන උත්තර ප්‍රාන්තය ඉන්දියාවේ අනාරක්ෂිතම කළාපය ලෙස සැලකේ.
 
 ලෝකයේ රටවල් අතරින් ඉන්දියාව කාන්තාවන් සඳහා අනාරක්ෂිතම රටක් බවත් සෑම විනාඩි 15කට වරක්ම ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයක් සිදුවන බවත් මානව හිමිකම් කණ්ඩායම් පෙන්වා දෙයි. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ඉන්දියාවේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site