IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකියි’ - චීන විදේශ ඇමැති

ආසියාවේ බලවතුන් වන චීනයට සහ ඉන්දියාවට සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් ඇතැයි චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී පවසයි. 
 
දෙරට අතරේ තිබෙන මතභේද නවතා දමා සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරටම අපේක්ෂා කරයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිත අතර එය ඉන්දු චීන සබඳතාවල සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි ද පැවසේ. 
 
මාස දෙකක් පුරා පැවැති දේශසීමා අර්බුදය විසඳා ගැනීමට ද චීනය සහ ඉන්දියාව මේ සතිය ආරම්භයේදී එකඟත්වය පළ කළේය. මේ සතිය අවසානයේදී ‘බ්‍රික්ස්’ සමුළුවද චීනයේ දී පැවැත්වීමට නියමිතය. චීනය හා ඉන්දියාවට අමතරව බ්‍රසීලය, රුසියාව සහ දකුණු අප්‍රිකාව ‘බ්‍රික්ස්’ සංවිධානයේ අනෙකුත් සාමාජික රටවල් වෙයි.
 
“කලාපයේ බලවතුන් අතර වෙනස්කම් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එහෙත් ඒ නොගැලපීම් වෙනස්කම් පසෙක ලා කටයුතු කිරීමට සුවිශේෂී හැකියාවක් දෙරටම තියෙනවා” යැයි චීන විදේශ අමාත්‍යවරයා පැවැසීය.
 
වඩාත් වැදගත් වන්නේ නොගැලපීම් හා වෙනස්කම් නිවැරැදි ලෙස කළමනාකරණය කරගනිමින් අන්‍යෝනය ගරුත්වයෙන් සහ පොදු එකඟත්වයෙන් කටයුතු කිරීම යැයි ද චීන විදේශ අමාත්‍යවරයා කීවේය.
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංචාරය කිරීමට නියමිත චීනයේ ගිනිකොණ දිග ෂියාමෙන් නගරයේ පැවැති මාධ්‍ය හමුවක දී චීන විදේශ ඇමැතිවරයා එම අදහස් පළ කළේය. 
 
(රොයිටර් 055)
 
 



අදහස් (0)

’ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකියි’ - චීන විදේශ ඇමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site