
ඉන්දියාවේ සංචාරය කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු, ඉන්දියාවේ ආයෝජන සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් යෙදවීමට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී තීරණය කළේය.
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතරේ මිත්‍රත්වය, විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ ගැඹුරින් මුල් බැසගත් ඓතිහාසික බැඳීම් පවතී. එම බැඳීම් තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ඇරයුමක් පිළිගනිමින් කටාර් එමීර්වරයා දෙදින නිල සංචාරයකට නවදිල්ලියට පැමිණියේ පසුගිය 17 වැනිදා සවසය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් කටාර් එමීර්වරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. කටාර් එමීර්වරයා මෝදි සමඟත් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු සමඟත් සාකච්ඡා පැවැත්වීය.
කටාර් එමීර්වරයා එකඟත්වය පළ කර ඇත්තේ ඉන්දියාව සමඟ වෙළඳ, ආයෝජන, බලශක්ති, තාක්ෂණ සහ සංස්කෘතිකමය වශයෙන් ආයෝජන අවස්ථා ඇති කර ගැනීමටය.
2025 ඔක්තෝබර් මස 08
1461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දියාව සමඟ බිලියන ගණනින් ආයෝජන