
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, වසර 1 1/2 කට පසු ඉන්දිායාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතය. ඉන්දීය රජය සහ සංචාරක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන 15 වැනිදා සිට සංචාරකයන්ට ඉන්දියාවට පැමිණීමට අවසර හිමිවනු ඇති බවය.
මේ වනවිට ඉන්දියාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අඩුවීමට පටන්ගෙන තිබේ. ඒ, දැඩි සංචරණ සීමා පැනැවීමත්, එන්නත්කරණ කටයුතු වේගවත්වීමත් නිසාය.
ආසියාවේ තෙවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තයයි. 'කොවිඩ් 19' ව්‍යාප්තියට පෙර 2019 වසරේ දී ඉන්දියාවට පැමිණි විදෙස් සංචාරකයන් ගණන එක්කෝටි නව ලක්ෂ තිස් දහසක් බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා..!!!