පසුගිය මාස අටක කාලය තුල ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් 1094ක් මියගොස් ඇති අතර පසුගිය සති තුනේ පමණක් 342ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රටපුරා රෝගීන් 22186ක් වාර්තා වී ඇත.
මෙය පසුගිය වසරට වඩා හතරගුණයකින් වැඩි ප්‍රමාණයක් බව බලධාරීහු පවසති. විශාල වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ මහාරාශ්ට ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයේ පමණක් 437දෙනකු මියගොස් ඇත. ආසන්නයේ පිහිටි ගුජරාටි ප්‍රාන්තයේ 297ක් මරණ වාර්තා වී ඇත.
පෞද්ගලික අංශ වල වෛද්‍යවරු පවසා ඇත්තේ පෞද්ගලික රෝහල් වලින් වාර්තා වන මරණ හා රෝගීන්ගේ දත්ත රජයේ සංඛ්‍යාෙල්ඛණ වලට ඇතුලත් නොවන බවයි. එම නිසා තත්වය පෙනෙන ප්‍රමාණයට වඩා බෙහෙවින් භයානක බවද ඔවුහු පෙන්වා දෙති.
මෙලෙස රෝගීන් වැඩිවීමක් 2015 වර්ෂයේද සිදුවී ඇති අතර එම වර්ෂයේ සූකර උණ හේතුවෙන් රෝගීන්1900ක් මියගොස් ඇත.

(බීබීසි පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අපිත් දැන් පටන්ම මේ සූකර උණෙන් ආරක්ෂා වෙන්න කටයුතු කළොත් හොඳයි. ඉන්දියාව අපේ රටට අල්ලපු රට නිසා මේ වසංගතය අපේ රටටත් පැතිරීමට බොහෝවිට ඉඩකඩ ඇත.
ඉන්දියාව සුපිරි බල වතෙක් කියන්නේ ඇත්ත වෙන්න ඇති