ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 700 දක්වා ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ සිට වසංගත තත්වය දෙගුණවී ඇති බවත් දැනට මෙම රෝගය ආසාදිතයින් 11000 ට වඩා සිටින බවත් වාර්තාවී තිබේ.
සූකර රෝගය මර්ධනය සඳහා අවශ්‍ය ඖෂධ නිසි ආකාරයෙන් බෙදා හැරීමට ඉන්දීය රජය අපොහොසත් වී ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.
ඉන්දීය සෞඛ්‍ය බලධාරින් පවසන්නේ රෝගිනට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් ලෙස බෙදා හැර ඇති බවයි. ඒ අතර බොහෝ ඉන්දියානුවන් මෙම රෝගයෙන් වැලකී සිටිමට අවශ්‍ය රෝග නිවාරණ ක්‍රම භාවිතා කරමින් සිටිති.
ඉන්දියාවේ උතුරු දිග ප්‍රාන්තයක් වු රාජස්තාන් හි මෙම රෝගය වඩාත් දැඩි ලෙස පැතිර තිබේ.
ඉන්දීය සෞඛ්‍ය බලධාරින් මෙම රෝගයෙන් මහජනතාව වැළකීසිටීමට අවශ්‍ය පූර්ව උපදෙස් ගුවන් විදුලි සහ රූපවාහිනි වැඩ සටහන් මගින් දැනුවත් කරමින් සිටී. ඉන්දීය සෞඛ්‍ය ඇමති ජේ.පී.නඩ්ඩා විසින් සූකර උණට ප්‍රතිකාර සඳහා ඖෂධ හිඟකම ගැන පලවෙන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු පවසා ඇත්තේ ඖෂධ වට්ටෝරු ඉදිරිපත් කලවිට ඖෂධ නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරණ ඖෂධ ගබඩා ඇත්නම් ඒ පිලිබඳ බලධාරින් දැනුවත් කරණ ලෙසයි. ඒ අනුව එවැනි නිලධාරින්ට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග ගණ්නා බවද ඇමති වරයා පවසා තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙම රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි. එමෙන්ම මෙම රෝගය ගැන සෞඛ්‍ය බලධාරින් නිරන්තර අවධානයෙන් සිටින බව ද හෙතෙම පවසා තිබේ.
විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ වඩාත් තදින් මෙම රෝගය මේ දිනවල පැතිර යාමට හේතුව වන්නේ සීත සෘතුවේ පවතින දැඩි සීතල තත්වය බවයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ සූකර උණ හිස ඔසවයි
සුරාන් Monday, 23 February 2015 05:47 AM
ඉස්සරට වැඩිය ඉන්දියාව අපිට ආදරේ හින්දා ඕකත් නිකම්ම ඒවිද දන්නේ නැහැ.(හේ)
දුමින්ද Monday, 23 February 2015 02:47 AM
අපිත් දැන්මම සුදානම්වීම සෞඛ්‍යයට හිතකර වේ (නි)