ඉන්දියාවේ දාලිත් කුලයට අයත් පිරිස් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයක දී ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් හත්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
පහත් කුලවල ජනකොටස් ආරක්ෂා කිරීම සඳහා සැකසුණු නීතියක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් යටපත් වන බව පවසමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ යෙදෙති.
 
ප්‍රාන්ත කිහිපයක දස දහස් ගණනන් ජනයා වීදී බැස විරෝධතාවයේ යෙදීම හේතුවෙන් දුම්රිය සේවා ඇතුළු ප්‍රවාහන සේවා බොහෝමයක් අඩපණව ඇති බවද පැවසේ.
 
වාහන කිහිපයකට ගිනිතබා ඇති බවද පොලිසිය පවසයි. සමහර ප්‍රදේශවල ඇඳිරිනීතිය පැනවීමට සිදුවී ඇති අතර විභාග කල්දමා ඇත.
 
ඉන්දියානු කුල ධූරාවලියේ පහත්ම කුලයක් ලෙස සැළකෙන දාලිත් කුලයේ මිලියන 200ක් පමණ ජනතාවක් ජීවත් වන අතර 2016 වර්ෂයේ පමණක් 40,000ක පමණ ප්‍රචණ්ඩ ක්‍රියා කුලය පදනම් කරගෙන සිදුවි ඇතැයි වාර්තා වී ඇත.
 
(බීබිසී පුවත් ඇසුරිණි - 085)