
රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුම් කීපයක් හේතුවෙන්, ඉන්දීය නිෂ්පාදන වර්ජනය කළ යුතු යැයි බංගාලදේශ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එරට වැසියන්ට බල කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
විපක්ෂයේ මෙම ‘ඉන්දීය වර්ජනය’ සම්බන්ධයෙන්, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, මාධ්‍ය හමුවක් පවත්වමින්, එරට ප්‍රධාන විපක්ෂය වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂයට’ දොස් නැගුවාය.
‘බංග්ලාදේශ ජාතික පක්ෂ නායකයන් උත්සාහ ගන්නවා, ඉන්දීය නිෂ්පාදන වර්ජනය කරන්න. එසේ නම් ඔවුන් පළමුවෙන්ම කළ යුත්තේ, ඔවුන්ගේ බිරියන් අඳින සාරි විසි කර දැමීමයි. හේතුව, ඒ සාරි අප රටට එන්නේ ඉන්දියාවෙන්’ යැයි ෂෙයික් හසීනා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd