ඉන්දියාවේ රැකියා විරහිත අනුපාතය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ යෞවන යෞවනියන් වැඩි පිරිසක් අධ්‍යාපනය සඳහා වැඩි කාලයක් ගත කරන බවත්, අධ්‍යාපනයෙන් පසුව මෙසේ රැකියා නැතිව පීඩාවට පත්වී සිටිති.
ආණ්ඩුවේ රැකියා වාර්තා හෙළි කරන ආකාරයට අනුව 1970 ගණන්වල සිට ඉන්දියාවේ විරැකියා අනුපාතයේ ඉහළම අවස්ථාව මෙය වේ.
මෙම රැකියා ගැටළුව නරේන්ද්‍ර සිං මෝදි මහතාට කරදරයක් වී ඇති බව වාර්තා වේ.
මෙය නවතම රැකියා සමීක්ෂණ තොරතුරු ව්‍යාපාර පුවත්පතක පළවී ඇති අතර, ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්දියාවේ විරැකියා අනුපාතය - 6.1% අගයක් ගන්නා අතර එය 1972-73 වර්ෂවල සිට වාර්තා වූ ඉහළම අගයයි. 2011-12 කාලයේදී ඉන්දියාවේ විරැකියා අනුපාතය එය 2.2% ක් විය.
නාගරික ප්‍රදේශවල වයස අවුරුදු 15 ත් 20 ත් අතර වයස්වල පසුවන ඉන්දියානුවන්ගේ විරැකියා අනුපාතය ඉහළ බවත් ගම්බද ප්‍රදේශවල පුර්ෂයන්ගෙන් 18.7% ක් සහ කාන්තාවන්ගෙන් 27.2 % ක් රැකියා සොයමින් ජීවත්වන බව වාර්තාවේ සඳහන් වේ.
විරැකියා අනුපාතයක් කිසිසේත්ම ධනාත්මක දෙයක් ලෙස දැකිය නොහැකි බවට විවේචන එල්ල වී ඇත.
රැකියා උත්පාදනයට තීරනාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ඉන්දියාවේ ආර්ථිකය සහ පාලන තන්ත්‍රය සහය දක්වීම ආරම්භ කර ඇත.
ඉන්දියාවේ විරැකියා ගැටළුව පැරණි හා පුළුල් ගැටලුවක් බැවින් වසර පහකට බලයේ සිටින මෝදි මහතාට සියලු දෙනාටම දොස් පැවරිය නොහැකි බවට අදහස් පල වී ඇත.
(බීබීසී ඇසුරෙනි)
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ කොහොම හරි ගිවිසුම් ගහලා ඉන්දියානුවන් ලංකාවට එවන්න හැදුවේ...