IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ විරැකියාව මෝදිට කරදරයක් වෙයි

ඉන්දියාවේ රැකියා විරහිත අනුපාතය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
 
ඉන්දියාවේ යෞවන යෞවනියන් වැඩි පිරිසක් අධ්‍යාපනය සඳහා වැඩි කාලයක් ගත කරන බවත්, අධ්‍යාපනයෙන් පසුව මෙසේ රැකියා නැතිව පීඩාවට පත්වී සිටිති.
 
ආණ්ඩුවේ රැකියා වාර්තා හෙළි කරන ආකාරයට අනුව   1970 ගණන්වල සිට ඉන්දියාවේ විරැකියා අනුපාතයේ  ඉහළම අවස්ථාව මෙය වේ. 
 
මෙම රැකියා  ගැටළුව  නරේන්ද්‍ර සිං මෝදි  මහතාට කරදරයක් වී ඇති බව වාර්තා වේ.
 
මෙය නවතම රැකියා සමීක්ෂණ  තොරතුරු ව්‍යාපාර පුවත්පතක පළවී ඇති අතර, ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.
 
ඉන්දියාවේ  විරැකියා අනුපාතය - 6.1% අගයක් ගන්නා අතර එය 1972-73 වර්ෂවල සිට වාර්තා වූ ඉහළම අගයයි. 2011-12 කාලයේදී ඉන්දියාවේ විරැකියා අනුපාතය  එය 2.2% ක් විය.
 
නාගරික ප්‍රදේශවල වයස අවුරුදු 15 ත් 20 ත් අතර වයස්වල පසුවන ඉන්දියානුවන්ගේ විරැකියා අනුපාතය ඉහළ බවත් ගම්බද  ප්‍රදේශවල පුර්ෂයන්ගෙන් 18.7%  ක් සහ කාන්තාවන්ගෙන්   27.2 % ක්   රැකියා සොයමින් ජීවත්වන බව වාර්තාවේ සඳහන් වේ.
 
විරැකියා අනුපාතයක් කිසිසේත්ම ධනාත්මක දෙයක් ලෙස දැකිය නොහැකි බවට විවේචන එල්ල වී ඇත.  
 
රැකියා උත්පාදනයට තීරනාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ඉන්දියාවේ ආර්ථිකය සහ පාලන තන්ත්‍රය සහය දක්වීම ආරම්භ කර ඇත.  
 
ඉන්දියාවේ විරැකියා ගැටළුව පැරණි හා පුළුල් ගැටලුවක් බැවින් වසර පහකට බලයේ සිටින  මෝදි  මහතාට සියලු දෙනාටම දොස් පැවරිය නොහැකි බවට අදහස් පල වී ඇත. 
 
(බීබීසී ඇසුරෙනි)
 
(63226)



අදහස් (1)

ඉන්දියාවේ විරැකියාව මෝදිට කරදරයක් වෙයි

සමන්ත Friday, 01 February 2019 09:28 AM

ඒකනේ කොහොම හරි ගිවිසුම් ගහලා ඉන්දියානුවන් ලංකාවට එවන්න හැදුවේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site