ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂ ගතකිරීමට ඉන්දියාව සමත් වී ඇත.

කළාම්සැට්-V2 ලෙස හඳුන්වා ඇති මෙය බරින් කිලෝග්‍රෑම් 1.26කි. 

ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි පෞද්ගලික අභ්‍යාවකාශ අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් විසින් මෙම චන්ද්‍රිකාව නිපදවා ඇති අතර ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් ශ්‍රිහාරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබීය.

එම පර්යේෂණ ආයතනයේ ප්‍රධානී කේ.සිවාන් පවසන්නේ කලාම්සැට් මෙතෙක් ලෝකයේ නිපදවන ලද හා කක්ෂගත කරන ලද සැහැල්ලුම චන්ද්‍රිකාව බවයි.

"ස්පේස් කිඩ්ස්" ලෙස හඳුන්වන මෙම සිසුන් කණ්ඩායම විසින් දින 6දී කළාම්සැට් නිපදවා අවසන් කළ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත.

සන්නිවේදන කටයුතුවලදී සහායවීම හා ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා යොදාගැනීම මෙම චන්ද්‍රිකාවේ කාර්යයන් වේ.


(බීබීසී ඇසුරිණි - 085)