ඉන්දියාවේ උතුරු දෙසින් පිහිටි ජායිපූර් නගරයේ ප්‍රධාන රජයේ රෝහලේ ගින්නක් හටගත්තේය. 

ගින්නට හසුවීමෙන් රෝගීන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් යැයි පැවැසෙයි.

ගින්නට හසුවුණු තවත් රෝගීන් පස් දෙනකු කඩිනමින් රෝහලෙන් පිටතට රැගෙන යෑම සිදුවිය. පිළිස්සුම් තුවාල ලැබූ ඔවුන්ට කඩිනමින් ප්‍රතිකාර ලැබුණු බව ද පැවැසෙයි.

ගින්න හටගත්තේ සවායි මහා සිං මහ රෝහලේ දැඩි හදිසි සත්කාර ඒකකයේය.