ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ බුබනෙස්වර් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක ඇතිවූ ගින්නකින් 19දෙනක් මියගොස් 106ක් තුවාල ලබා ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. පොලිසිය පවසන්නේ රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ හටගත් ගින්න අනෙක් වාට්ටු කරා පැතිර ගොස් ඇති බවයි.

දුම ආශ්වාස වීමෙන් පුද්ගලයන් මිය ගොස් ඇති බවත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් වියහැකි බවත් ගිනිනිවන ඒකකයේ නිලධාරියකු පවසා ඇත. රෝගීන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් මියගිය ගණන තවදුරටත් ඉහළ යාහැකි බවද වාර්තා වේ.

_91960975_2836fc9e-ae9e-4454-a72e-a5b245ae913d[1] _91962265_9f05099c-454c-4fda-bc9a-f94c7317b117[1]