ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) හා තෙළඟනා ප්‍රාන්තවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් 70කට ආසන්න පිරිසක් මරුමුවට පත්ව ඇතැයි එරට පුවත් සේවා පවසයි.

මේ දිනවල ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට අධික උෂ්ණත්වයක් ඇතිවී ඇති අතර දිල්ලියේ පසුගියදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ක් දක්වා වැඩිවී තිබිණි.

ඔඩිෂා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යෑම හේතුවෙන් ලබන 20 වැනිදා තෙක් එම ප්‍රාන්තයේ පාසල් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් එම ප්‍රාන්තයේ පැවැත්වෙන අයිපීඑල් ක්‍රිකට් තරගද නොපවත්වන ලෙස ප්‍රාන්ත මහාධිකරණය පසුගියදා නියෝග කැර තිබිණි.