ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දී බස් රථයක් ජලාශයකට පෙරැළීමෙන් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මධුභානි පෙදෙසේ දී අනතුර සිදුව ඇති අතර මාර්ගාසන්නයේ තිබූ ජලාශයකට බසය පෙරැළී ඇති  බවත් හතර දෙනකුගේ සිරුරු සොයාගත් බවත් එහි පොලිසිය පවසයි.

සීතාමාරි සිට මධුභානි දක්වා ගමන් ගත් බස් රථයේ අනතුර සිදුවන විට මගීන් 65 දෙනකු සිටි බවත් කිහිපදෙනකු ජලාශයට වැටීමෙන් පසු පිහිනා දිවි බේරාගෙන ඇති බවත් කියති.

අනතුරට පත් බස්රිය ගොඩට ගැනීමට පමාවීම සම්බන්ධයෙන් ප්‍රකෝපකාරීවූ අවට පිරිස් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවද ඉන්දීය වාර්තා සඳහන් කරයි.