ඉන්දියාවේ බටහිර බෙන්ගාලයේ මාර්ගයක ගමන්ගත් පාසැල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ගංඟාවකට පෙරළීමෙන් 36දෙනකු පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අනතුරට පත්වන අවස්ථාවේ රථයේ 55දෙනකු පමණ ගමන් කර ඇති බව බලධාරීහු පවසති.

කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බසය පාලමකින් පහලට පෙරළී ඇති අතර අඩි 30ක් පමණ පහතින් පිහිටි බයිරව් ගංඟාවට වැටී ඇත.

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් අවුරුදු 10ට අඩු දරුවන් බවත් රථයේ රියදුරු සහ ගුරුවරු දෙදෙනෙක් ද මියගිය අය අතර සිටින බවත් පැවසේ.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ප්‍රාන්ත පොලිසිය පවසයි.

 

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)