ඉන්දියාවේ හිමාචල් පළාතේ කුල්ලු දිස්ත්‍රික්කයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 44දෙනකු මියගොස් ඇත.

කඳුකර මාර්ගයක ගමන්ගත් බස්රථය පාරෙන් ඉවතට පැන දොරුවකට පෙරළීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි. 

එම අවස්ථාවේ බස් රථයේ 60දෙනෙකු පමණ ගමන්කර ඇති බව සඳහන් වේ.

බොහෝදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්  ගතකළ බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය ශෝකය පළකර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)