IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ රතු ලැයිස්තුවට

දිනපතා දෙලක්ෂයකට වඩා කොරෝනා ආසාදිතයන් වාර්තා වන ඉන්දියාව තම රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බි‍්‍රතාන්‍ය රජය ඊයේ තීරණය කර ඇත.

 

මහා බි‍්‍රතාන්‍යය ඔවුන්ගේ ‘රතු ලැයිස්තුව’ සකසා ඇත්තේ, ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් අවදානම් රටවල් හඳුනා ගනිමින් එම රටවල් ඊට ඇතුළත් කරමිනි. එම රතු ලැයිස්තුවට අයත් සෙසු රටවල් අතර මෙක්සිකෝව, බ‍්‍රසීලය ද වෙයි.

 

මේ වනවිට ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වුවත්, මරණ අතින් ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය. කොරෝනා මරණ අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ‍්‍රසීලයයි.

ආසාදිතයන් අතින් බ‍්‍රසීලය ඇත්තේ තෙවැනි ස්ථානයේය. ඒ, ඉන්දියාවට පසුපසිනි.
ඉන්දියාව ‘රතු ලැයිස්තුවට’ ඇතුළත් කිරීමත් සමඟ ලබන 23 වැනිදා සිට ඉන්දියාවේ සිට බි‍්‍රතාන්‍යයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින කිසිවකුට හෝ පසුගිය දින 10 ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ අයකුට හෝ බි‍්‍රතාන්‍යයට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ නැති බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා පවසා තිබේ.

කෙසේ නමුත් බි‍්‍රතාන්‍ය හෝ අයර්ලන්ත හෝ විදේශ ගමන් බලපත‍්‍ර හිමි පුද්ගලයන්ට මෙන්ම බි‍්‍රතාන්‍යයේ ජීවත්වීමට අයිතිය ඇති පුද්ගලයන්ට බි‍්‍රතාන්‍යයට ඇතුළු වීමට අවසර ලබා දෙන බව බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැහැදිලි කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ රතු ලැයිස්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site