මුම්බායිහිදීය (රොයිටර්)
 
සයිබර් අපරාධකරුවන් පිරිසක් තම බැංකු පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් කොල්ලා කා ඇතැයි ඉන්දියාවේ ‘සිටි යුනියන්’ බැංකුව සඳහන් කරයි.

 
‘ස්විෆ්ට්’ මූල්‍ය ක්‍රමවේදය ඔස්සේ මෙලෙස විදේශවල සිටින ණය හිමියන් වෙත නීතිවිරෝධී ආකාරයෙන් ප්‍රේෂණ ලෙස මුදල් යවා ඇතැයි බැංකුව පවසයි. 
 
වංචනික අයුරින් ඩුබායි, තුර්කිය සහ චීනයේ බැංකු ගිණුම් තුනක් වෙත ප්‍රේෂණය කර ඇති බව කුඩා ප්‍රමාණයේ ණය දෙන්නකු විසින් සෙනසුරාදා (17) දිනයේදී අනාවරණය කර ගැනීමත් සමඟ කළ සොයා බැලීමකදී ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් කොල්ලා ඇති බව ‘සිටි යුනියන්’ බැංකුව සඳහන් නිවේදනය කළේය.  
 
මෙය රටවල් කිහිපයක් සම්බන්ධ කරගනිමින් කරන ලද දැවැන්ත මූල්‍ය සොරකමක් යැයි ද ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි ද ‘සිටි යුනියන්’ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී එන්. කමකෝඩී කීය. 
“මෙය ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක්” යැයි ද එන්. කමකෝඩී පැවසීය. 
 
“බංකුවේ සේවකයන් සම්බන්ධ බවට තොරතුරු ලැබී නැහැ. ගිණුම් හිමියන් ද මීට සම්බන්ධ බවට අපට තොරතුරු ලැබී තිබෙනවා” යැයි ද හෙතෙම කීය. 
 
055