ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පිරිසිදු ඉන්දියාවක් වැඩසටහන යටතේ පාසල් පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයන්ට අහමදාබාද් නගරයේ පාසලක යතුරු නොමැති සේප්පු පරීක්ෂා කිරිමේ දී ඒවායේ තිබී ඉන්දියානු රුපියල් කෝටියක් හා කිලෝ දෙකකට වැඩි බරින් යුතු රත්තරන් පොළු සොයාගත් බව ඉන්දියානු පොලිසිය පවසයි. ඒ රත්තරන් වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 60 ඉක්මවන බව ද පැවසේ.

මේ සේප්පු පසුගිය වසර දෙකක කාලයේ දී කිසිවකු බාරයේ නොතිබූ බව පාසල් ප්‍රධානියා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සදහන්කැර ඇත. ගුරු මණ්ඩලයෙන් හා සේවකයන්ගෙන් මේ බව ප්‍රශ්න කළ ද එහි හිමිකරුවකු මෙතෙක් සොයාගත නොහැකි වූ බව ද පොලිසිය පවසයි.