ඉන්දියාවේ තිරුපුර්හි 6 හැවිරිදි පාසල් සිසුවකු ඔහුගේ මිතුරන් විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය පවසයි.
ඝාතනය සම්බන්ධ පුවත හෙළිදරව් වී ඇත්තේ සිසුවාගේ මළ සිරුර පාසලේ වැසිකිළියක් පිටුපස තිබී හමුවීමත් සමගය. පොලිසිය මූලික පරීක්ෂණ අරඹා ඇති අතර සිවරාම් නමැති එම සිසුවාගේ මරණයත් සමග පාසල් තුළ සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ළමා මනෝවිද්‍යාව පිළිබඳව ඉන්දීය වැසියන් ප්‍රශ්න කරති.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කර ඇත්තේ ඝාතනය සිදුවන අවස්ථාවේ පාසලේ වැඩි පිරිසක් නොසිටි බවයි. 11 හැවිරිදි ශිෂ්‍යාවක පිරිමි ළමයි දෙදෙනකු පොර බදන ආකාරය දැක ඇතැයිද පොලිසිය කියයි.
පාසල් ඇරඹීමට විනාඩි 45 කට පමණ පෙර පාසලට පැමිණ ඇති මිය ගිය සිසුවා හා ඔහුගේ සගයකු පාසල් ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිට ඇති බවත් ඔවුන් අතර දබරයක් හටගන්නට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් කොමසාරිස් එම්.එන්.මංජුනාථ ‘ද හින්දු‘ පුවත්පතට ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහල මාව සීතල වුණා. (නි)