ඉන්දියාවේ කල්කටා නගරයේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු පමණ මියගොස් ඇතැයිද තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කියයි.

පාලම කඩා වැටී එහි කොන්ක්‍රීට් තට්ටුවලට හා යකඩ කූරුවලට යටවී සිටින කිහිප දෙනකු බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් කියති.

කල්කටාහි ප්‍රධාන මාර්ගයකට පාලම කඩා වැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇත.

මෙම ගුවන් පාලම උස් ගොඩනැගිලි හා අධික තදබදයක් සහිත ප්‍රදේශයක පිහිටා ඇති අතර 2009 වසරේ සිට මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන බවත් කියති. 

‘අපිට බෝම්බයක් පුපුරනවා වගේ ලොකු ශබ්දයක් ඇසුණා. ඉන් පසු විශාල දුමාරයක් දැක්කා‘ යැයි සිද්ධිය සම්බන්ධයෙන් අවට පදිංචිකරුවකු එන්ඩීටීවී වෙබ් අඩවියට පවසා ඇත. ‘අපි හිතුවා නිවසක් කඩා වැටෙන්නට ඇති කියලා. නමුත් ඊට පස්සෙයි දැක්කේ ඒක පාලමක් කියලා‘ යැයි කාන්තාවක් කියා සිටියාය.

kolkata_flyover_collapse_960_635950344001711559_890147262016331_kolkata