චීනයේ දැඩි අවධානය මධ්‍යයේ ඉන්දියාව සහ ප්‍රංශය අද (10) සිය විශාලතම නාවික යුද අභ්‍යාසය ආරම්භ කළේය.
මෙම යුද අභ්‍යාසය සඳහා ප්‍රංශයට අයත් ප්‍රහාරක ගුවන් රැගෙන යා හැකි ‘චාල්ස් ඩී ගෝල්’ නෞකාව ද එක්ව සිටී.

ලොව වැඩිම අවධානයක් යොමුව ඇති සහ මුහුදු මාර්ග රැසකට තෝතැන්න වී තිබෙන ඉන්දීය සාගරයේ උපායමාර්ගික වැදගත්කම සලකමින් ඉන්දියාව සහ ප්‍රංශය මෙම යුද අභ්‍යාසයට එක්ව සිටී.

වේගයෙන් වර්ධනය වන චීන ආර්ථිකය, දකුණු ආසියාව ඇතුළුව ඉන්දීය සාගර කලාපයේ රටවල් සහ චීනය අතර වර්ධනය වෙමින් තිබෙන සබඳතා සහ දකුණු චීන මුහුදේ අර්බුදකාරී තත්ත්වය යන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදි වැඩි අවධානයක් යොමු වී තිබේ.
මෙම දැවැන්ත නාවික යුද අභ්‍යාසය සඳහා ඉන්දියාවෙන් සහ ප්‍රංශයෙන් යුද නෞවකා සහ සබ්මැරීන 12ක් සහභාගී වේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව චීනෙන් කන දවස වැඩි ඈතක නැහැ.