ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අතර මැතිවරණයේදී කුලය, ආගම යොදාගනිමින් ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම තහනම් කරමින් එරට අධීකරණය තීන්දුවක් ලබා දුන්නේය.
මැතිවරණය අනාගමික බව පෙන්වා දෙන එරට අධිකරණය මැතිවරණයේදී ආගම, කුලය යොදාගැනීම මැතිවරණ නීතිය යටතේ දූෂණයක් බවට තීන්දු කළේය.
උත්තර ප්‍රදේශ්, ගෝවා, පන්ජාබ්, උත්තරකාන්ඩ්, මනිපූර් යන ප්‍රාන්ත පහේ මැතිවරණ පැවැත්වෙන බව එරට ප්‍රධාන මැතිවරණ කොමසාරිස් නසිම් සයිදි පවසයි.
මිලියන 160කට පමණ ඡන්දය භාවිත කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කියයි.
මැතිවරණය පෙබරවාරි 04 වැනිදා සිට මාර්තු 08 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතය. රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම් කිරීමේ ගැටලුව මෙම මැතිවරණයට බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයක්