ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අතර මැතිවරණයේදී කුලය, ආගම යොදාගනිමින් ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම තහනම් කරමින් එරට අධීකරණය තීන්දුවක් ලබා දුන්නේය.

මැතිවරණය අනාගමික බව පෙන්වා දෙන එරට අධිකරණය මැතිවරණයේදී ආගම, කුලය යොදාගැනීම මැතිවරණ නීතිය යටතේ දූෂණයක් බවට තීන්දු කළේය.

උත්තර ප්‍රදේශ්, ගෝවා, පන්ජාබ්, උත්තරකාන්ඩ්, මනිපූර් යන ප්‍රාන්ත පහේ මැතිවරණ පැවැත්වෙන බව එරට ප්‍රධාන මැතිවරණ කොමසාරිස් නසිම් සයිදි පවසයි.

මිලියන 160කට පමණ ඡන්දය භාවිත කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කියයි.

මැතිවරණය පෙබරවාරි 04 වැනිදා සිට මාර්තු 08 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතය. රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම් කිරීමේ ගැටලුව මෙම මැතිවරණයට බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.