ඉන්දියාවේ ශ්‍රීනගර්හි ජාතික තාක්ෂණ ආයතනයේ ඉන්දීය සිසුන් හා ජම්මු කාශ්මීර සිසුන් අතර ඇතිවූ ගැටුම්වලින් පසු මේ වන විට යුද හමුදා බල ඇණි අධ්‍යාපන ආයතනය වටා යොදවා ඇතැයි ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය පවසයි.
සිසුන් පන්ති වර්ජනය කර ඇතැයි කියති.
පසුගිය සතියේ පැවැති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වීමත් සමග කාශ්මීර සිසුන් ගිනි කෙළි දල්වා ප්‍රීති වීම සම්බන්ධයෙන් ගැටුමක් ඇතිවී ඇත.
ආයතන අධ්‍යක්ෂ රාජත් ගුප්තා එන්ඩීටීවී පුවත් සේවයට පවසා ඇත්තේ කල් දැමූ විභාග යළි අප්‍රේල් 11 වැනිදා සිට ආරම්භ වන බවත් මේ වන විට අධ්‍යාපන කටයුතු හොඳින් සිදුකිරීමට හැකි යහපත් වාතාවරණයක් ඇතිව ඇති බවත්ය.
විදේශීය සිසුහු තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බියවීම හේතුවෙන් විභාග කල් දමන්නැයි ඉල්ලා සිටින බව කියති.
විද්‍යාලයයේ ප්‍රධාන ගේට්ටුව අසල පොලිසිය හා සිසුන් අතර ගැටුම් ඇතිවිය. පොලිසිය චෝදනා කළේ සිසුන් 500ක් පමණ එකතුවී තමන්ට ගල් ප්‍රහාර එල්ල කළ බවයි.
අඟහරුවාදා සිසුන් දැවැන්ත උද්ඝෝෂණයක් විද්‍යාලයෙන් පිටත සංවිධානය කර තිබූ නමුත් පොලිසිය එය වැළැක්වීය.
ඉන්දීය ජාතික කොඩිය ජාතික තාක්ෂණ ආයතනයේ එසැවීමට සිසු පිරිසක් ඉල්ලා සිටි නමුත් පොලිසිය පැවසූයේ එසේ නොකරන ලෙසයි. එමගින් ජම්මු කාශ්මීර පිරිස් කුපිත විය හැකි බව පොලිසිය පැවසීය. නිල උත්සව කටයුතුවලදී ආයතනයේ කොඩිය ඔසවන්නැයි පොලිසිය ඉල්ලා සිටි අතර මීට පෙර අවස්ථාවලදී ද ප්‍රාන්ත රජය ඉල්ලා සිටියේ නීති හා රෙගුලාසි කඩකරමින් ජාතික ධජය නොඔසවන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේත් ඉන්නවා නේ මේ වගේම කට්ටියක්. ලංකාවේ ඉපදිලා ලංකාවේ රජයේ ඉස්කෝලෙට යන්නේ, කන්නේ බොන්නේ ලංකාවෙන්, නමුත් සපෝට් එක පාකිස්තානේ පිලට. මලිගාවත්තේ ඉන්නවා මේ වගේ සැහෙන දෙනෙක්. (බ)
ඒ අයමනේ ඒක නිසා අපට වැඩක් නෑ.(හේ)
අපේ රටේ එන්ජීඕකාරයෝ වගේ රටට අවැඩක් වෙනවට කැමති කට්ටිය ඉන්දියාවේත් ඉන්නවා එහෙනම් (නි)