IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියාවේ නම වෙනස් වෙලා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ‘ඉන්දියාව’ යන නම වෙනුවට, ‘භාරතය’ යන සංස්කෘත නාමය භාවිතයට යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

‘ජී20’ රාජ්‍ය නායක සමුළුව, එලැඹෙන සති අන්තයේ, පැවැත්වෙන්නේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි.

ඊට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මුගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. ඒ සඳහා ඉන්දීය රජය විදෙස් නායකයන්ට ඇරැයුම්පත් යවා ඇති අතර, ඒවායේ සඳහන් වී ඇත්තේ ‘ඉන්දියාවේ ජනාධිපති’ යනුවෙන් නොව ‘භාරතයේ ජනාධිපති’ යනුවෙනි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ඉන්දියාවේ නම වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ නිසාය. ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව, නවදිල්ලි අගනුවර පැවැත්වෙන්නේ ලබන 9 වැනිදා සහ 10 වැනිදාය. රාජ්‍ය නායකයන් වෙනුවෙන්, ඉන්දීය ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ 9 වැනිදා රාත්‍රියේය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ආදී ලොව ප්‍රබල බටහිර නායහකයෝ රැසක් සමුළුවට සහභාගී වෙති.



අදහස් (0)

ඉන්දියාවේ නම වෙනස් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 362 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site