ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) දිනට යෙදී තිබුණි.

බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස ලැබුවේ 1947 වසරේ අගෝස්තු 15 වනිදාය. 

නිදහස් දින රාජ්‍ය උත්සවය සුපුරුදු පරිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගිත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

එම රාජ්‍ය උත්සවයේ දී පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කළ සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට ලක් විය. එම මෙහෙයුමට දායක වූ කිහිප දෙනකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක් කෙරුණි.