හානි වූ නාසයක් වෙනුවට නළල මත වර්ධනය කළ නාසයක් බද්ධ කිරීමට ඉන්දියාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නියුමෝනියාව නිසා පීඩාවට පත්වූ අරුන් පටෙල්ගේ(12) නාසය දරුණු ලෙස හානි වී අ විකෘති වී තිබිණි. වෛද්‍යවරු ඔහුගේ නළල මත අලුත් නාසයක් හදා සාර්ථකව බද්ධ කළහ.
අරුන් ඉපදීමෙන් පසු වැඩි කලක් යන්නට පෙර නියුමෝනියාව නිසා මධ්‍ය ප්‍රදේශ් රෝහලකට ඇතුළු කිරීමෙන් අනතුරුව වෛද්‍යවරු කළ ප්‍රතිකාර වල ප්‍රතිපලයක් වශයෙන් ඔහුගේ නාසය විකෘති වී නාසයේ කාටිලේජ පටක වලට හානි සිදුවී තිබිණි.
සද වසරකට වැඩි කාලයකට පසු ඉන්ඩෝර් නගරයේ රෝහලක වෛද්‍ය කණ්ඩායමක් අරුන්ට අලුත් නාසයක් ලබාදීමට මෙම දුර්ලභ ප්ලාස්ටික් සැත්කම සිදු කිරීමට තීරණය කළහ. සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් වීමට වසරක කාලයක් ගත විය. ඔහුගේ නාසය ඔහුගේ අනෙකුත් අවයව මෙන් නිසි ලෙස ක්‍රියා කරන බවට විශ්වාස යැයි වෛද්‍ය කණ්ඩායම මෙහෙයවූ ආචාර්ය අශ්විනි පවසයි.
පපුවේ කාටිලේජ ද ගෙන නළල මත නාසය වර්ධනය වීමට ඉඩ හැර පසුව වර්ධනය වීම සම්පුර්ණ වූ පසු එය නළලෙන් ඉවත් කොට සාර්ථක ලෙස නාසයට බද්ධ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි. මමත් මහාසේන් එක්ක එකඟයි.(හේ)
නිරුල්, වැඩක් නැහැ. මොනවා කළත් අපේ රටේ දේශපාලුවන්ගේ ඔලුවේ, මොළයට ඉඩක් නැහැ. ඒ වගේම තමයි මහසෙන් ඔයත් නිවැරදියි. (නි)
ඔය විදිහට වෙන තැනක හොඳ මොළ ටිකක් වර්ධනය කරලා අපේ සමහර දේශපාලුවන්ට සවිකරන්න බැරිද? (නි)
දේශපාලකයන්ට නම් මොළේ හොඳට තියනවා නිරුල්. ඔවුන්ට ඡන්දය දෙන අපිටයි මොළේ නැත්තේ (නි)