ඉන්දියාවේ උතුරු පළාතේ මුසාෆ්ෆර්නගර් ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමෙන් 23ක් පමණ මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

දුම්රියේ පෙට්ටි අටක් පමණ ඉවතට පෙරලී ඇති අතර එක් පෙට්ටියක් උඩ තවත් පෙට්ටියක් රැඳී ඇති බව දුම්රිය බලධාරීහු පවසති.
නිවසකට සහ පාසැල් ගොඩනැගිල්ලකට ද හානි සිදුවී ඇත.

ඔදීෂා පළාතේ පූරි නගරයේ සිට හරිද්වා වෙත ගමන් කරමින් තිබූ දුම්රිය ජනාකීර්ණ ප්‍රදේශයකදී මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරට හේතුව පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි. අනතුර සිදුවූයේ සන්ධ්‍යාවේ බැවින් රාත්‍රී කාලය පුරා  තුවාල කරුවන් බේරාගැනීමට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව ආපදා සහන සේවා කණ්ඩායම් පවසයි.

(එන්ඩීටීවී ඇසුරිණි - 085)