ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි කන්පූර් නගරය ආසන්නයේ සීඝ්‍රගාමී දුම්රියක් පීලිපැනීමෙන්  45ක් පමණ මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අද අළුයම් කාලයේ අනතුරට ලක් වූ  ඉන්ඩොරේ පට්නා එක්ස්ප්‍රස් දුම්රිය මැදිරි 14කින් යුක්තය.  දුම්රිය පීලි පැනීමට හේතුව  පැහැදිලි නැති බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවත් බලධාරීහු පවසති.

කන්පූර් ප්‍රධාන දුම්රිය මංසන්ධියක් වන අතර දිනකට සිය ගනනක් දුම්රිය මෙම ස්ථානයෙන් එහා මෙහා ගමන් කරයි.

_92566546_c3e81097-44b2-4506-b0d3-9a91cb7ef202