IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාවේ දුම්රිය පද්ධතිය පෞද්ගලික සමාගම්වලට විවෘත කෙරේ

ලොව විශාලම දුම්රිය පද්ධතිවලින් එකක් වන ඉන්දියාවේ දුම්රිය ප්‍රවාහන අංශය පෞද්ගලික සමාගම්වලට විවෘත කිරීමට පියවර ගෙන ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර තෝරාගත් මාර්ගවල ඇතැම් දුම්රිය පෞද්ගලික සමාගම්වලට දීමට තීරණය කර තිබේ.

වසර 167ක් පැරැණි ඉන්දියාවේ දුම්රිය සේවය දිනකට ප්‍රවාහනය කරන මඟීන්ගේ ප්‍රමාණය මිලියන 20කි. කෙසේ නමුත් මාරාන්තික අනතුරු, දුර්වල යටිතල පහසුකම්, නූතන පහසුකම් නොමැතිකම සහ දුර්වල ආයෝජන හේතුවෙන් ඉන්දියාවේ දුම්රිය සේවය අබලන් සහ කඩාවැටුණු තත්ත්වයකට පත්ව තිබේ.

මාර්ග 109ක ගමන් කිරීම සඳහා ව්‍යාපාරවලට අවස්ථාව දෙන බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය බදාදා සඳහන් කළේය. ඉන්දියාව ඉකුත් දා එරට ගල් අඟුරු කැණීම් ක්ෂේත්‍රය ද පෞද්ගලික අංශයට විවෘත කළේය.

‘‘ඉන්දියාවේ දුම්රිය පද්ධතිය තුළ මඟී ප්‍රවාහනය සඳහා පෞද්ගලික ආයෝජනවලට අවස්ථාව දෙන පළමු අවස්ථාව මෙය’’ යැයි ද ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

‘‘නඩත්තු කටයුතු සඳහා කෙරෙන වියදම් අඩු කිරීම, නවීන තාක්ෂණය භාවිත කිරීම, රැකියා අවස්ථා වැඩි කිරීම, ආරක්ෂිත බව වැඩි කිරීම, මඟීන්ට ලෝක මට්ටමේ සංචාරක අත්දැකීමක් ලබාදීම යන අරමුණු ඇතිව මෙලෙස දුම්රිය සේවාව පෞද්ගලික ආයෝජන වෙත විවෘත කරනවා’’ යැයි ද එහි දැක්විණි.

මෙම නව ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක මුදලක් අවශ්‍ය වන අතර පෞද්ගලික සමාගම් ඒ සඳහා අදාළ මුදල් රජයට ගෙවිය යුතු ය. ලාභ බෙදී යන අයුරු සහ ඒවායේ ප්‍රතිශත ලංසු තැබීමේ ක්‍රියාවලියේදී තීරණය වනු ඇත.

දශක ගණනාවක් රාජ්‍ය ඔස්සේ පැවැති කර්මාන්ත රැසක් පෞද්ගලීකරණය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවධානය යොමු වී ඇත. ඊට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

.එෆ්.පී.

055

 

 



අදහස් (1)

ඉන්දියාවේ දුම්රිය පද්ධතිය පෞද්ගලික සමාගම්වලට විවෘත කෙරේ

Lal Friday, 03 July 2020 02:23 AM

අපේ දුම්රිය ප්‍රවාහන අංශයත් පෞද්ගලිකරණය වියයුතුයි.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site