උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මගී දුම්රිය දෙකක් ගැටීමෙන් 12 දෙනකු පමණ මිය යන්නට ඇතැයි ඉන්දියානු දුම්රිය බලධාරීන් පවසා ඇත. තුවාල ලැබූවන් සංඛයාව 50ට අධිකය.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රාන්ත අගනුවර වූ ලක්නව් සිට කිලෝ මීටර 270ක් පමණ දුරින් පිහිටි ගොරක්පූර් දුම්රිය ස්ථානයේ දී මේ අනතුර සිදුව ඇති බවයි. වරනාසි සිට ගෝරක්පූර් වෙත පැමිණි ක්‍රිශාක් සීඝ්‍රගාමී දුම්රිය සංඥා නොතකා ගමන් කිරීම හේතුවෙන් බෙහින්දි සිට පැමිණි බරවුහි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇත.
මේ වරද සිදුකළ ක්‍රිශාක් දුම්රියේ රියදුරු හා රිය සහායකගේ වැඩ තහනම් කැර ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ද ඉන්දීය දුම්රිය බලධාරීන් කියයි.
ඉන්දියාවේ දිනකට දුම්රිය ගමන්වාර 9000ක් පමණ සිදුවන අතර ලක්ෂ 180ක පමණ පිරිසක් දිනකට දුම්රියේ ගමන් කරති. වාර්ෂිකව දුම්රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ද සිය ගණනකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඔහොම සිද්දි වෙනවා හැමදාම (නදී)