කැනඩාවේ ශීක් මානව ක්‍රියාකාරී හර්දීප් සිං නයිජාර් ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය රජයට චෝදනා කළේ ඉන්දියාව තරහා කර ගැනීමේ අරමුණින් නොවන බවත්, හර්දීප් සිං නයිජාර් ඝාතනය පිළිබඳ සත්‍යය දැන ගැනීමේ අරමුණින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැහැදිලි කර තිබේ.
කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජයට එල්ල කරන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං නයිජාර්, බෙදුම්වාදී ‘කලිස්තාන්’ ත්‍රස්ත නායකයකු ලෙසය. ‘කලිස්තාන්’ බෙදුම්වාදීන් යනු ඉන්දියාවේ ශීක්වරුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන පිරිසකි.
අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දීය රජයට චෝදනා කළේ කැනඩා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගී වෙමිනි. ඒ සමඟ ඉන්දියාවත් කැනඩාවත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය. ඉන්දියාවේ කැනඩා තානාපතිවරයාටත්, ඉන්දියාවේ රැඳී සිටින කැනඩා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ටත් ඉන්දියාවෙන් පිටවෙන්නැයි දින 5 ක් ලබා දුන්නේය.
‘කලිස්තාන්’ බෙදුම්වාදීන් කැනඩාවේ ක්‍රියාත්මක වෙයි. කැනඩා රජයේ අනුග්‍රහය ඔවුන්ට හිමිවන බව ඉන්දියාව අවස්ථා ගණනාවකදී චෝදනා නගා තිබේ.
හර්දීප් සිං නයිජාර් වෙඩි තබා ඝාතනය වූයේ 2022 වසරේ ජූනි මාසයේ කැනඩාවේ බි්‍රටිෂ් කොලම්බියා පළාතේ, සරේ නගරයේ, ශීක් දේවස්ථානයක් ඉදිරියේය.
එම ඝාතනය සිදු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයේ ඒජන්තවරුන් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කරන්නේ එරට ආරක්ෂක අංශ ලබා දුන් තොරතුරු අනුවය.
කැනඩාව සහ ඉන්දියාව අතරේ හටගත් අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කනස්සල්ල පළ කර ඇත. බටහිර රටවල් සහ චීනය අතර පවතින අර්බුදවලදී එම රටවලට ඉන්දියාවේ සහාය හිමිවීම විශාල ශක්තියක් වීම ඊට එක් හේතුවකි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඉන්දියාව තරහා කරගන්න ඕනෑ නෑ