‘මධ්‍යම තොරතුරු කොමිසම’ ඇතුළු තොරතුරු දැනගැනීමේ අයිතියට සම්බන්ධ ආයතනවල විශේෂඥයන් නොමැතිව පරිපාලන නිලධාරීන් මගින් එම ආයතන පාලනය කරන්නේ ඇයිදැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ගෙන් විමසා ඇතැයි වාර්තා වේ.
වසර 2005 දී සම්මත කරගන්නා ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුව තොරතුරු කොමසාරිස්වරුන් ලෙස පත් කළ යුත්තේ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව අත්දැකීම් හා විශේෂඥ දැනුම ඇති පිරිස් බවත් එහෙත් වර්තමානයේ තොරතුරු කොමසාරිස්වරුන් ලෙස සේවය කරන්නේ පරිපාලන නිලධාරීන් බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වාදෙනු ලැබ තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.කේ. සික්රිගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් එම කරුණු පෙන්වාදෙනු ලැබ තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අබ්දුල් නසීර් ද එම මඬුල්ලේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
“තොරතුරු කොමසාරිස්වරුන් ලෙස විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය වන පිරිස් පත් කළ හැකියි. එහෙත් පත් කර ඇත්තේ විශ්‍රාමික පරිපාලන නිලධාරීන්” යැයි රජය වෙනුවෙන් පෙනි සිටී අතිරේක සොලිසිටර් ජෙනරාල් පින්කි ආනන්ද් කරුණු පෙන්වාදෙමින් විනිසුරු සික්රි පැවැසීය.
පසුගිය කාලයේදී ‘මධ්‍යම තොරතුරු කොමිසමේ’ තොරතුරු කොමසාරිස්වරුන්ගේ තනතුර සඳහා අයඳුම්පත් 280ක් ලැබුණු බවත් එයින් 14 ක් තෝරාගත් බවත් පැවැසූ විනිසුරු සික්රි එයින් බොහෝ දෙනා පරිපාලන නිලධාරීන් යැයි ද කීය.
“අපි මේ පත් කිරීම්වලට බැණ වදින්නේ නැහැ. පරිපාලන නිලධාරීන් නොවන අයගේ නම් පවා තිබුණා. එහෙත් ඔවුන් කිසිවකුත් පත් කළේ නැහැ” යැයි විනිසුරු සික්රි පෙන්වා දුන්නේය. පෙත්සම්කාර අන්ජලී භාරද්වාජ් වෙනුවෙන් පෙනිසිටී නීතීඥ පරනව් සච්දේවා සමඟ එකඟවෙමින් විනිසුරි සික්රි ඒ බව කීවේය.
ද හින්දු ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd