IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ තොරතුරු කොමිසමට විශේෂඥයන් නෑ

‘මධ්‍යම තොරතුරු කොමිසම’ ඇතුළු තොරතුරු දැනගැනීමේ අයිතියට සම්බන්ධ ආයතනවල විශේෂඥයන් නොමැතිව පරිපාලන නිලධාරීන් මගින් එම ආයතන පාලනය කරන්නේ ඇයිදැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ගෙන් විමසා ඇතැයි වාර්තා වේ. 

වසර 2005 දී සම්මත කරගන්නා ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුව තොරතුරු කොමසාරිස්වරුන් ලෙස පත් කළ යුත්තේ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව අත්දැකීම් හා විශේෂඥ දැනුම ඇති පිරිස් බවත් එහෙත් වර්තමානයේ තොරතුරු කොමසාරිස්වරුන් ලෙස සේවය කරන්නේ පරිපාලන නිලධාරීන් බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වාදෙනු ලැබ තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.කේ. සික්රිගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් එම කරුණු පෙන්වාදෙනු ලැබ තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අබ්දුල් නසීර් ද එම මඬුල්ලේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. 

“තොරතුරු කොමසාරිස්වරුන් ලෙස විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය වන පිරිස් පත් කළ හැකියි. එහෙත් පත් කර ඇත්තේ විශ්‍රාමික පරිපාලන නිලධාරීන්” යැයි රජය වෙනුවෙන් පෙනි සිටී අතිරේක සොලිසිටර් ජෙනරාල් පින්කි ආනන්ද් කරුණු පෙන්වාදෙමින් විනිසුරු සික්රි පැවැසීය. 

පසුගිය කාලයේදී ‘මධ්‍යම තොරතුරු කොමිසමේ’ තොරතුරු කොමසාරිස්වරුන්ගේ තනතුර සඳහා අයඳුම්පත් 280ක් ලැබුණු බවත් එයින් 14 ක් තෝරාගත් බවත් පැවැසූ විනිසුරු සික්රි එයින් බොහෝ දෙනා පරිපාලන නිලධාරීන් යැයි ද කීය. 

“අපි මේ පත් කිරීම්වලට බැණ වදින්නේ නැහැ. පරිපාලන නිලධාරීන් නොවන අයගේ නම් පවා තිබුණා. එහෙත් ඔවුන් කිසිවකුත් පත් කළේ නැහැ” යැයි විනිසුරු සික්රි පෙන්වා දුන්නේය. පෙත්සම්කාර අන්ජලී භාරද්වාජ් වෙනුවෙන් පෙනිසිටී නීතීඥ පරනව් සච්දේවා සමඟ එකඟවෙමින් විනිසුරි සික්රි ඒ බව කීවේය. 

ද හින්දු ඇසුරිනි

055



අදහස් (0)

ඉන්දියාවේ තොරතුරු කොමිසමට විශේෂඥයන් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site