IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඉන්දියාව - තායිවානය අතර වෙළෙඳ සාකච්ඡා

අර්ධ සන්නායක නිෂ්පාදන කේන්ද්‍රස්ථනයක් ඉදි කිරීම සඳහාත් නිදහස් වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් ඇති කරගැනීම සඳහාත් ඉන්දියාව සහ තායිවානය සාකච්ඡා ආරම්භ කර ඇත.

මෙම සාකච්ඡා දෙසැම්බර් 16 වැනිදා පැවැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෘහස්ත අර්ධ සන්නායක (සෙමිකන්ඩක්ටර්) නිෂ්පාදන කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ස්ථාපිර කිරීම ඉන්දු-තායිවාන සාකච්ඡාවල මූලික අරමුණ වී තිබෙන අතර මෙම සාකච්ඡාවලදී ඉන්දියාව සහ තායිවානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ ආයෝජන සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

ලොව විශාලතම අර්ධ සන්නායක (සෙමිකන්ඩක්ටර්) නිෂ්පාදන සමාගම්වලින් දෙකක් වන ‘තායිවාන් සෙමිකන්ඩක්ටර් මැනුෆැක්චරින් කම්පනි (ටී.එස්.එම්.සී.) සහ යුනයිටඩ් මයික්‍රෝඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් (යු.එම්.සී.) පිහිටා ඇත්තේ තායිවානයේ ය.

එම සමාගම් දෙකම හෝ දෙකෙන් එකක් ඉන්දියාවට ගෙන්වමින් ඉන්දියාව තුළ නිෂ්පාදනාගාරයක් ස්ථාපිත කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.

මෙම නිෂ්පාදනාගාරය හෝ කර්මාන්තශාලා ඉදි කිරීම සඳහා ඉන්දියාව ස්ථාන කිහිපයක් ද යෝජනා කර ඇතැයි දැනගන්නට ලැබේ.

(මනි කන්ට්‍රෝල් පුවත් සේවය ඇසුරිනි)



අදහස් (0)

ඉන්දියාව - තායිවානය අතර වෙළෙඳ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site