
චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කර ඇත.
2020 වසරේ කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණින් සහ 2020 වසරේ ජුනි මාසයේ ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු ගැටුම් දුරදිල යෑම හේතුවෙන් ඉන්දීය රජය, චීන වැසියන්ට සංචාරක වීසා අත්හිටුවීමට තීරණය කර තිබුණි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වසර 5කට පසුව යළි චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම ඊයේ (24) සිට ආරම්භ කෙරුණු බවය.
චීනයේ ඉන්දීය තානාපති කාර්යාලය, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, චීන පුරවැසියන්ට මාර්ගගත අයදුම්පතක් යොමු කිරීම මගින් වීසා ලබා ගැනීමේ හැකියාව පවතින බවය.
ඉන්දියාවත් චීනයත් අතර හටගෙන ඇති අර්බුදය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතී. පසුගිය දා ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර්, චීනයේ සංචාරයක නියැලුණි. ඒ, ෂැංග්හායි ආර්ථික සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. එම සංචාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද සාකච්ඡා පැවැත්විණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව ඉන්දියාව සහ චීනය එකට එකතු උනොත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඇති ආර්ථික දේශපාලන හා යුධ අධිපතිවාදයෙන් ලෝකය මුදවා ගන්නත් ආසියාව කේන්ද්‍ර කරගත් පාලන රටාවක් ලෝකය තුල ස්ථාපිත කර ගන්නත් හැකිවනු ඇත.
අරවින්ද මොනරවිල කියන විදිහට කළොත් අපි තවත් ආර්ථික වශයෙන් අමාරුවේ වැටෙනවා.. අපේ නිෂ්පාදන වලින් 70-80 අපි අලෙවි කරන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට, අපේ ඇඟලුම් වැනි නිෂ්පාදන සඳහා ඉන්දියාවේ, චීනෙන් ඉල්ලුමක් නැහැ. බටහිර රටවල අපේ ශ්‍රමිකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ගෙන් විශාල ආදායමක් ´ලැබෙනවා... චීනේ, රුසියාව, ඉන්දියාව කියන්නෙත් යුදවාදී රටවල්, ඉන්දියාව සහ චීනේ එකතු වුණොත් මුලින්ම ෂොට් එක වදින්නේ අපිට, 1946 සිට මේ දක්වා ඇමරිකාව සමග කටයුතු කළ බටහිර ජර්මනිය, දකුණු කොරියාව, ජපානය, තායිවානේ වැනි රටවල් විශාල ආර්ථික ප්‍රගතියක් අත්කරගන්න කොට, රුසියාව සමඟ එක්ව කටයුතු කළ නැගෙනහිර ජර්මනිය, පෝලන්තේ, චෙක් රට වැනි යුරෝපයේ රටවල්, උතුරු කොරියාව, වැනි රටවල් විශාල ආර්ථික අගාධ වල වැටුණා.. මොවුන් අතරින් 90 දශකයේ රුසියානු ග්‍රහණයෙන් නිදහස් වුණු පෝලන්ත, චෙක්, ස්ලෝවැකියා වැනි යුරෝපා රටවල් සීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබුවා...
මොනරවිලගේ ඇත්තේ කුඩා ජෙප්පෝ මොලයක්...