ඉන්දීය ගුවන් යානයක්, එරට ජර්කාන්ද් ප්‍රාන්තයේ දී කඩා වැටුණි. කඩා වැටුණේ කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන් යානයකි. 

මෙම ගුවන් යානය නවදිල්ලියේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් යානයක් බවත්, එය ගිලන් රථයක් ලෙස භාවිතයට ගත් යානයක් බවත් පැවසෙයි.

යානයේ නියමුවන් ද ඇතුළු 7 දෙනකු සිටි බවත්, අනතුරින් එම 7 දෙනාම ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කරයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. යානය කඩා වැටුණේ වන්නාතර ප්‍රදේශයකටය.