IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දියාවේ ගංවතුරින් මරණ 70යි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 70 දෙනකු මියගොස් රාජ්‍ය හා පෞද්ගලික දේපොල රැසකට තද බල හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් පීඩාවට පත් ජනතාවට ආහාර ගුවනින් හෙලා තිබේ.

පුද්ගලයින් 10000 කට වඩා උස් බිම් වලට රැගෙන ගොස් ඇති අතර තවත් 1000 ක් ගුවනින් ආරක්ෂිත ලෙස ඉවත් කැර ඇත.

ඉන්දියාවේ මෝසම් වර්ෂාව පවතින කාලයට නිරන්තරයෙන් ජලගැලීම් සිදුවීම සාමාන්‍ය දෙයකි.  ගංවතුර තත්වය තදින්ම බලපා ඇති සවුරස්ත්‍රා කලාපයේ නිවාස රැසක් විනාශ වී ඇත.  වසර 90 කින් බලපා ඇති දරුණුම ගංවතුර තත්වය මෙය බව වාර්තාවේ.

වෙරළබඩ දිස්ත්‍රික්කයක් වන ඇම්රෙලි හි ගංවතුර හේතුවෙන් ගම්මාන 600ක් පමණ යටවී ඇතැයි ද ඉන්දීය ආරකෂක අංශ පවසයි.

ගුජරාට් ප්‍රාන්තයේ ඇමති නිටින් පාටෙල් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ ගංවතුරින් වගා බිම් හානියට පත්විමෙන් ගොවින් විශාල සංඛ්‍යාවක් ද පීඩා වට පත්ව ඇති බවයි. ගලවා ගැනීමේ සහ සහන කටයුතු සිදුකෙරෙමින් පවතින බවද ඔහු පවසා ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ගුවන් යානා හෙලිකොප්ටර් සමගින් බලපන්ති 23 ක් කිසිම පිලිසරණක් නොමැති ජනයාට ආහාර පැකට් බෙදා දුන් බවයි.

ආසියානු කලාපයේ සිංහයන්ට වෙන්ව ඇති ජිනගඩ් හි ගිර් වනාන්තරය ද ගංවතුරින් යටවීම හේතුවෙන් එහි වාසය කරණ සිංහයන්ද මෙම වනාන්තරයෙන් පිටතට පැමිණ ඇතැයි පරිසරවේදීහු කියති.

කාෂ්මීර ප්‍රාන්තයට ගංවතුර පිලිබඳ අනතුරු ඇගවිමේ සංඥා නිකුත් කර තිබේ. මෙහි ගිය වසරේ ගංවතුරින් 300 ක් මරණයට පත්වුහ.

මෙහි ප්‍රධාන නගරය වු ශ්‍රී නගර් හි ජෙලම් ගංගාව අනතුරු දායක මට්ටමටත් වඩා ඉහලින් ගලායන බව වාර්තාවේ.

උතුරු ප්‍රාන්තයවු උත්තරක්හැන්ඩ්හි බලධාරින් ශුද්ධ නගරවු කෙදර්නාත් සහ වෙනත් පුජනීය ස්ථානවලට යන වන්දනා චාරිකා ද නවතා දමා තිබේ.

සෑම වසරකම ජුනි සහ සැප්තැම්බර් අතර පවතින මොසම් වර්ෂා සමයේදී ඉන්දීයාවේ වර්ෂාපතනයෙන් සියයට 80 ක් ලැබේ.



අදහස් (0)

ඉන්දියාවේ ගංවතුරින් මරණ 70යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 479 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site