උතුරු ඉන්දියාවේ උන්චාර් නගරය ආසන්නයේ පිහිටි ගල් අඟුරු බලාගාරක සිදුවූ පිපිරීමක් හේතුවෙන් 26දෙනක් මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තවත් පිරිසක් සුනුබුන් වලට යටවි සිටින බැවින් මියගිය සංඛ්යාිව ඉහළ යා හැකි බව බලධාරීහු පවසති. පිපිරීමට ලක්වූ මෙම බලාගාරය ඉන්දියානු ජාතික ගල් අඟුරු සංස්ථාවට අයත් වේ.
බලාගාරයේ ඇතිවූ පිපිරීම සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ප්රායන්ත පොලිස් ප්රගධානී ආනන්ද් කුමාර් පවසන්නේ ඇතුලත පීඩනය වැඩිවීම හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි. විශාල ශබ්දයක් සමඟ වාෂ්ප හා වායූන් විහිදුන බව අසල සිටි පුද්ගලයින් පවසා ඇත.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරයක් පිපිරීමෙන් 26ක් මරුට
Nandalal DE SILVA - France Thursday, 02 November 2017 04:24 PM
දැක්කා නේද අපට තෑගි ලැබෙන වර්ගයේ ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරවලට සිදුවන දේ ? මෙවැනි බලාගාරවල පීඩනය අඩු වැඩි කිරීමේ උපකරණ යනු ඉතාම සරල උපකරණයකි. එයවත් නියම අන්දමට පාලනය කිරීමේ හැකියාවක් මොවුන්ට නැද්ද ? ඒ මදිවට මේ වගේ විදුලි බලාගාරවලින් ඇතිවන පරිසර දුෂණය මගින් කාලගුණ විපර්යාසත් ඇති වෙන බව පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.
kapFriday, 03 November 2017 04:20 AM
මේ වගේ හදිසි අනතුරු දියුණු රටවල් වලත් වෙනවා මේක ඉන්දියාවෙ විතරක් වෙන දෙයක් නෙමේ....ඔයා අල්ලපු රටට හරිම විරුද්ධයි වගේ ...
kavantissa Friday, 03 November 2017 12:45 AM
පිපිරුනේ ගල් අඟුරු බලාගාරය නොවෙයි. එහි තිබුන බොයිලේරුවක්. මේ කතාව අශෝක් ලේලන්ඩ් බස් එකේ ටයර් එකක් පිපිරුනාම ඉන්දියාවෙන් ගෙනාපු බස් එකක් පිපිරුණා කියන්නා වැනි දෙයක්.
නිර්මලාFriday, 03 November 2017 11:43 AM
හරි. බොයිලේරුව තමයි පුපුරලා තියෙන්නේ. බලාගාරයක් පුපුරනවා කිව්වාම මුළු භූමියම පුපුරන්නේ නැහැ.