ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගල් අඟුරු බලාගාරයක අළු ගෙනයන ඇල මාර්ගයකට වැටී පුද්ගලයන් හය දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඇලේ බැම්මක් කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති අතර පසුගිය වසරක කාලය තුළ දිස්ත්‍රික්කයේ සිදුවූ මෙවැනි ආකාරයේ තෙවැනි සිදුවීම මෙය බව සඳහන් වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්වැසියන් පස්දෙනකු සහ බලාගාරයේ සේවකයෙකි.
ගල් අඟුරු දහනය කිරීමේදී අතුරු ඵලයක් ලෙස නිපදවෙන මෙම අළු කිලෝමීටර් හයක පමණ දුරක් ඇල මාර්ගය ඔස්සේ ගෙනයයි.
රිපයන්ස් පවර් සමාගමට අයත් එම කම්හලට එරෙහිව පාරිසරික නීති රීත් වලට අනුකූලව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
බැම්ම කැඩීයෑමට හේතුව අනාවරණය වී නොමැති අතර සමාගම පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරයක ඇලකට වැටී 6ක් අතුරුදන්