ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් 14 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.ගොඩනැගිල්ල කඩා වැටී ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි.

පිපිරීම සිදුවූ කම්හල නීතිවිරෝධීව පවත්වාගෙන යන කම්හලක්ද යන්න හෙළිවී නොමැති නමුත් ඉන්දියාවේ පවත්වාගෙන යන බොහෝ ගිණිකෙළි කර්මාන්තශාලා ආරක්ෂක ප්‍රමිතීන් අනුගමනය නොකරන නීතිවිරෝධී කම්හල් බව පොලිසිය වැඩිදුරටත් පවසයි. 

බොහෝ හින්දු උත්සව වලදී රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වන අතර ආලෝකය සංකේතවත් කරමින් පවත්වන දීවාලී උත්සවය එළඹෙන මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)