IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඉන්දියාවේ ’කොවිඩ් 19’ ආසාදිතයෝ ඉහළට

මේ වනවිට තෙවැනි 'කොවිඩ් 19' රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවේ, දෛනිකව 'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යමින් පවතින බව රට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ආසාදිතයන් ඉහළ යෑමට හේතුව 'ඔමික්‍රෝන්' විකෘතියේ ව්‍යාප්තිය යැයි ද පැවැසෙයි.

ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීමට ඉන්දීය සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර, එම නව මාර්ගෝපදේශ අනිද්දා (11) සිට ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව, පූර්ණ එන්නත්කරණයකට ලක් වී, පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණවලින් සමත් වී, ඉන්දියාවට පැමිණෙන සියලු දෙනා පවා දින 7 ක් නිරෝධායනයට ලක් වීම අනිවාර්ය වෙයි.

මේ අතර, ගතවුණු පැය 24 කාලයේ ඉන්දියාවෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 4,83,463 කි. ඒ අනුව සමස්ත ආසාදිතයනක් ගණන මිලියන 35.37 පසු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ මරණ ගණන 285 කි.

ඉන්දීය සෞඛ්‍ය අංශ පවසන්නේ, එරට ප්‍රධාන 'කොවිඩ් 19' විකෘතිය ලෙස සැලකෙන 'ඩෙල්ටා' විකෘතිය අභිබවා යමින් 'ඔමික්‍රෝන්' ප්‍රධාන විකෘතිය බවට පත් වෙමින් තිබෙන බවය. 'ඔමික්‍රෝන්' විකෘතියේ ව්‍යාප්තිය, 'ඩෙල්ටා' ව්‍යාප්තියට වඩා ඉතාමත් වේගවත්ය. ව්‍යාප්තිය වේගවත් වුවත් 'ඔමික්‍රෝන්' විකෘතිය 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු නැතැයි ද පැවැසෙයි.

මේ අතර හෙට (10) සිට ඉන්දියානුවන්ට ‘කොවිඩ් 19’ තෙවැනි එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ වෙයි. මෙය ඉන්දියානුවන්ට ලැබෙන 'බූස්ටර්' එන්නතය. ඉන්දියානුවන්ට 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රධාන වශයෙන් ලබා දී ඇත්තේ 'කොවිෂීල්ඩ්' සහ සියයට 100 ක් ඉන්දියාවේ නිෂ්පාදිත 'කොවැක්සින්' යන එන්නත්ය. 'කොවිෂීල්ඩ්' යනු ඉන්දියාවේ නිෂ්පාදනය කරන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

ඉන්දියාවේ ’කොවිඩ් 19’ ආසාදිතයෝ ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site