
සියයට 100 ක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ 'කොවැක්සින්' යන නමින් හැඳින්වෙන 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය.
එන්නතට අනුමැතිය හිමිවූයේ එය හදිසි භාවිතයට සුදුසු බව පෙන්වා දෙමිනි. ඒ අනුව, එම එන්නත ලබා ගත් ඉන්දියානුවන් දහස් ගණනකට කිසිදු බාධාවකින් තොරව විදේශ සංචාරවල නියැලීමට අවස්ථාව උදා වනු ඇත.
'කොවැක්සින්' යනු ඉන්දීය රජයට අයත් 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙය සියයට 78 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව 'භාරත් බයෝටෙක්' සමාගම පවසයි.
අඩු ආදායම්ලාභී රටවලට මෙම එන්නත සුදුසු බවත්, පහසුවෙන් ගබඩා කළ හැකි බවත් 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම වැඩි දුරටත් පවසා ඇත. එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර සති 4 කට පසු දෙවැනි මාත්‍රාව ලබා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ලබා ගෙන ඇත්තේ ද මෙම එන්නතය.
ඉන්දීය රජය සහ 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම 'කොවැක්සින්' එන්නතට අනුමැතිය ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියේ පසුගිය සැප්තැම්බරයේය. කෙසේ නමුත් එය දිනෙන් දින ප්‍රමාද වෙද්දී, විදේශගතවීමට නියමිත ඉන්දියානුවන්ගෙන් ඉන්දීය රජයට දෝෂාරෝපණ පවා එල්ලවිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි පෙන්වා දෙමින් අනුමත කළ එන්නත් සියල්ල ලොව සෑම රටක් ම පිළිගන්නා අතර, නිරෝධායනට ලක් නොවී, බාධාවකින් තොරව විදේශ සංචාරවල නියැළීමට එම එන්නත් ලබා ගත් අයට අවසර ලැබේ.
'කොවැක්සින්' එන්නතට අනුමැතිය දීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කළ එන්නත් ගණන 6 කි. මේවා එකිනෙකට වෙනස් කාණ්ඩ 3 කට අයත් එන්නත්ය.
එයින් දෙකෙක් එම්.ආර්.එන්.ඒ. එන්නත්ය. එම්.ආර්.එන්.ඒ. යනු 'කොවිඩ් 19' වයිරස විෂබීජ ජානවලින් සැකැසූ කේතයක් සිරුරට ඇතුළු කරන එන්නත් වර්ගයකි. වයිරසයට එරෙහි ප්‍රතිශක්තියක් සිරුරේ නිර්මාණය වන්නේ ඒ අනුවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි එම්.ආර්.එන්.ඒ. එන්නත් වන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්-බයෝටෙක්' නැතිනම් 'ෆයිසර්' එන්නත සහ 'මොඩර්නා' එන්නතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි දෙවැනි කාණ්ඩයට අයත් එන්නත් වර්ගය වන්නේ, උදාසීන කළ 'කොවිඩ් 19' වයිරස ඇතුළත් එන්නත්ය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' සහ ඇමෙරිකාවේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත් මෙම වර්ගයට අයත් වෙයි. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත රටවල් කීපයක නිපදවයි. මෙය ඉන්දියාවේ නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' යන වෙළෙඳ නාමය යටතේය.
හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි චීනයේ නිෂ්පාදිත 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් සැලකෙන්නේ 'අක්‍රිය කළ කොවිඩ් 19 වයිරස' ඇතුළත් ප්‍රතිශක්තිකරණ එන්නත් කාණ්ඩයට අයත් එන්නත් ලෙසය.
ලොව රටවල් 45 ක භාවිතයට ගැණුනත් රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී නැත.
(ඒ.ඒෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ ’කොවැක්සින්’ එන්නතට අනුමැතිය
Indika Sunday, 07 November 2021 12:37 PM
"ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි පෙන්වා දෙමින් අනුමත කළ එන්නත් සියල්ල ලොව සෑම රටක් ම පිළිගන්නා අතර, නිරෝධායනට ලක් නොවී, බාධාවකින් තොරව විදේශ සංචාරවල නියැළීමට එම එන්නත් ලබා ගත් අයට අවසර ලැබේ." මේ ප්‍රකාශය නිවැරැදි නොවේ..