IMG-LOGO

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 70 ඉක්මවයි

 

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,053,806ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය පැය 24 තුළ පමණක් නව රෝගීන් 74,383ක් වාර්තා වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා ආශ්‍රිත මරණ 108,371ක් සිදුවී ඇති අතර පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 918කි.

ලෝකයේ දෙවැනියට වැඩිම ආසාදිතයන් සංඛයාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

රෝගීන් මිලියනයක් වාර්තා කිරීමට ඉන්දියාවට ගතවී ඇත්තේ දින 13ක් බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දකුණු කේරළ ප්‍රාන්තයෙන් පසුගිය දිනය තුළ රෝගීන් 11,755ක් වාර්තා වී ඇත.

ඉන්දියාවේ උත්සව සමය ද එළඹෙමින් පවතින අතර මිනිසුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

ඉන්දියවේ සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පවසා ඇත්තේ ඇදහිම් සඳහා හෝ ආගම ඔප්පු කිරීම සඳහා  විශාල වශයෙන් රැස්වීම නොකළ යුතු බවයි. එසේ කළහොත් විශාල කරදරයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

රොයිටර් පුවත් ඇසුරිණි

085



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 70 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site