
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් 16 දෙනකු මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූහ. එසේ මියගිය, මියගිය 16 දෙනාගෙන් 10 දෙනකු හඳුනාගෙන ඇති අතර, එම කම්හලේ දිවා ආහාර විවේකයේදී පිපිරීම සිදුවුණු බව ද පැවැසෙයි.
කර්මාන්ත ශාලාව සේවකයන් 381 ක් වැඩ මුර දෙකකින් සේවය කරන අතර, දිවා ආහාර වේලාවේදී පිපිරුම සිදුවන අවස්ථාවේදී, කර්මාන්ත ශාලාවේ සිටියේ සීමිත සේවක පිරිසකි.
ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර, කම්හලෙන් පිටවන අධික දුමාරය නිසා කඩිනම් මෙහෙයුම් සිදු කිරීමට දුෂ්කර බව නිලධාරීන් පවසා ඇත.
පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුළු කර්මාන්ත ශාලාවම ගිනිගෙන එහි සේවකයන් කිහිප දෙනකු සිරවී සිටින සිටින බව වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd