IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාව ඇෆ්ගනිස්තානය ගැන විමසිල්ලෙන්

ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් පවසයි.

ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව යෑමත් සමඟ එරට තුළ තලේබාන් ක්‍රියාකාරකම් වැඩි වී තිබෙන අතර ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් තිබේ.

ඇෆ්ගනිස්තානයේ තත්ත්වය මේ වනවිට කලාපීය ආරක්ෂාවට ද තර්ජනයක් වී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යාවරයා මොස්කව් නුවර දී ඉකුත් දා රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් හමුවිය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ එහිදී ය.

තලේබාන් සංවිධානය යනු සුන්නි මුස්ලිම් කැරැලිකාර සංවිධානයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා රටවල් කිහිපයක්ම තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.

ඇෆ්ගනිස්තානයේ සියයට 85ක බලය ඇත්තේ තමන් සතුව යැයි තලේබාන් සංවිධානය සිකුරාදා ප්‍රකාශ කළේය.

වසර 20 ක යුද ගැටුම්වලින් පසු සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමට ඇමෙරිකාව මේ වනවිට පියවර ගෙන ඇත.

ඊට අමතරව අනෙක් විදේශීය හමුදා ද මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව ගොස් ඇත.

නවදිල්ලියේදීය (රොයිටර්ස්)



අදහස් (0)

ඉන්දියාව ඇෆ්ගනිස්තානය ගැන විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site