ඉන්දියාව ඇමෙරිකානු නිෂ්පාදන 28ක් මත පැනවූ තීරුබදු පිළිගත නොහැකි යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසීය.
ජපානයේ පැවැත්වෙන ජී - 20 සමුළුවට පිටත්ව යෑමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
ජපානයේ පැවැත්වෙන ජී-20 සමුළුවේදී ඇමෙරිකාවත් තවත් ප්‍රබල රටවල් කිහිපයක් අතරත් වෙළෙඳාම සම්බන්ධයෙන් ඇති වූ තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවසේ.
“තීරුබදු ගැන මම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව ඇමෙරිකානු නිෂ්පාදනවලට ඉහළ තීරු බද්දක් පනවලා. එය පිළිගන්න බැහැ. එය ඉවත් කළ යුතු” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔයා කරන කියන දේවල් විතරමද හරි.